1.1. පාසලේපසුබිම බුද්ධඝෝෂ මහා විදුහල බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල අධ්‍යාපන කලාපයට හා දෙහිවල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලකි. කොළඹ දිස්ත්‍රික් දෙහිවල ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසයට අයත් දෙහිවල ප්‍රාදේශිය ලේකම් ප්‍රදේශයේ හත්බෝධිය 538 - B ග්‍රාම සේවා වසම තුළ පාසල පිහිටා තිබේ. නුගේගොඩ දෙහිවල බස් මාර්ගයට යාබදව කොහුවල නගරාසන්නයේ පිහිටා ඇති බප/පිළි/බුද්ධඝෝෂ මහා විදුහල 1 c වර්ගයේ පාසලකි. මෙහි සිසුන් බහු වාර්ගික බහු ආගමික ශිෂ්‍ය පිරිසක් වන අතර ප්‍රදේශයේ ඇති 1 c පාසලක් හැටියට ශිෂ්‍ය විනය රැක ගනිමින්, ජාතික ආගමික සමගිය ඇතිවන ආකාරයේ ශිෂ්‍ය පෞරුෂ වර්ධන ව්‍යාපෘති පාසල තුළ ක්‍රියාත්මක කරමින් ගුණ නැණ සපිරි නිරෝගිමත් පුද්ගලයින් සමාජයට දායාද කිරිම පාසල සතු ප්‍රධාන වගකිම බව සඳහන් කළ යුතුය. මෙම පාසල නාගරික ප්‍රදේශයක පිහිටා ඇති අතර ප්‍රදේශ අවට ජනප්‍රිය පාසල් කිහිපයක් තිබිම නිසා ශිෂ්‍ය සංඛ්‍යා පාසලට ඇතුළත් විම් අඩුවිමක් තිබේ. ප්‍රාථමික අංශය 1-5 ශ්‍රේණි ද ද්විතියිය හා උසස් පෙළ කලා හා වානිජ අංශය මෙම පාසල් පැවැත්වෙන අතර සෑම ශ්‍රේණියක්ම එක පන්තිය බැගින් පැවැත්වෙන අතර සිංහල මාධ්‍ය ඉගැන්විම් කටයුතු කරනු ලැබේ. පසුගිය වසර 5 තුළ ගණිත හා විද්‍යා ගුරු හිගයක් පැවතුන ද පන්ති අතර වර්තමානයේ එම තත්වය සංවර්ධනය වෙමින් පවති. ප්‍රාථමික අංශයේ ගුරු භවතුන් ප්‍රාථමික පුහුණු ගුරු භවතුන් නොවුනත් දැනට ප්‍රාථමික ගුරුභවතුන් ලෙස පුහුණු වී අධ්‍යයන කටයුතුවල නිරත වේ. ලබන වසර වනවිට මෙම විද්‍යාලයට ප්‍රාථමික ගුරුභවතුන්ගේ අවශ්‍යතාව පැන නැගේ. බුද්ධඝෝෂ මහා විද්‍යාලය ආරම්භ වුයේ 1902 ය. පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවිල ශ්‍රී සුනන්දාරාමය යන උභය විහාරධිපති ව වැඩ විසු කථිකාචාර්ය මඩවල ශ්‍රී සුනන්ද මහා ස්වාමිපාදයන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ගමේ ප්‍රභූන් පිරිසක් විසින් කටුමැටි ගසා පොල් අතු සෙවිලි කර සාදවන ලද කුඩා ශාලාවක මුලින් ම මෙම විද්‍යාලය ආරම්භ කරන ලදී. ක්‍රි.ව.5 වන සියවසේ දඹදිව සිට මෙහි වැඩම කර, ථෙරවාදි බෞද්ධ පොත්පත් පාලිභාෂාවට පෙරළු ආචාර්ය බුද්ධඝෝෂ හිමිපාණන්ගෙන් මෙරට භාෂා සාහිත්‍යයට සහ බුද්ධාගමට සිදුවු අනල්ප සේවයට උපහාරයක් වශයෙන් මෙම පාසලට බුද්ධඝෝෂ යන නම තබන්ට ඇතැයි සිතිය හැකිය. එකල මෙම විද්‍යාලය පාලනය ක කොළඹ සීමාසහිත පරම විඥානාර්ථ බෞද්ධ සමාගමයි. එම සමාගම යටතේ මෙම පාසලට ඉඩමක් තෑගි කළ ඊ.ඩී. ද අල්විස්, ඊ.ජේ.ද අල්විස් යන මහත්වරු පළාත් කළමනාකරුවන් වශයෙන් සේවය කළහ. 1944 ජනවාරි මස 6 වනදා මෙම බෞද්ධ මිශ්‍ර විද්‍යාලයේ මුල්ගුරු වශයෙන් පී.රූබන් පීරිස් මහතා පත්වි ය. මෙතුමා භාරකාර මණ්ඩලයේ සහයෝගය ඇතිව සල්පිල් ආදිය පවත්වමින් යාබද ඉඩම් මිලයට ගනිමින් පාසලේ දියුණුව උදෙසා කරන ලද සේවය අගය කළ යුතුය. භාරකාර මණ්ඩලයේ ගරු සමාජිකයකු වන සාමාදාන විනිශ්චය කාර ඩී.ජේසන්.ප්‍රනාන්දු මහතා විසින් තම ස්වකීය ධනයෙන් රු. 75000 ක් වැයකොට පන්ති කාමර සහිත දෙමහල් ජේසන් ප්‍රනාන්දු ශාලාව ඉදිකරන ඇත. 1962 සමාගම් පාඨශාලා රජයට පවරා ගැනිමේදී මෙම විද්‍යාලයද රජයට පවරා ගැනිණි. 1964 ජුනි මස 1 වන දින බුද්ධඝෝෂ මහා විද්‍යාලය සහ ප්‍රාථමික පාසලක් වශයෙන් අංශ දෙකකට බෙදන ලදි. මේ අනුව වර්තමානයේ මෙම විද්‍යාලයේ 1-13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර , අ.පො.ස (උසස් පෙළ) කලා හා වානිජ විෂය ධාරාවන්ගෙන් පැවැත්වේ. එමෙන් ම පාසලේ වර්තමාන තත්වය නගා සිටුවිම සදහා ආදි ශිෂ්‍ය සංගමය, සම්පත් පුද්ගල දායකත්වය ඉහළ මට්ටමින් පවත්වා ගෙන යාමට පාසල සමත් වී ඇත. පාසල තුළ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය නගා සිටුවිම සදහා පුහුණු ගුරු මණ්ඩලයක් මෙම පාසලට පත්ව ඇත. ප්‍රථිපල සංවර්ධනට ” අත්වැල”දෙදින විෂය කඳවුර වැනි නවීන අංග එකතු කොට ගුණාත්මක අධ්‍යපනයක් බුදුගොස් දරුවන්ට ලබාදීමේ අනගි මෙහෙවරෙහි වර්තමාන ගුරුභවතුන් සක්‍රිය ව යෙදී සිටියි . කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලය දියුණුවෙන් දියුණුවට පත්වේවා යි සුභාශිංෂණය කර
නව ලොවට ගැළපෙන - නැණ ගුණ සපිරි දරු පිරිසක් බිහිකරමු.
වචනයෙන් හා කායික සංවරයෙන්ද ඉවසිමෙන් සුහදශිලිත්වයෙන් ද පිරි සෑම දෙයකට එඩිතරව මුහුණ දෙන ගුණ නැණයෙන් යුතු දරුවකු බිහි කිරිම අපගේ මෙහෙවර වන්නේය.