බුද්ධඝෝෂ මහා විද්‍යාලය ආරම්භ වුයේ 1902 ය.
පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවිල ශ්‍රී සුනන්දාරාමය යන උභය විහාරධිපති ව වැඩ විසූ කථිකාචාර්ය මඩවල ශ්‍රී සුනන්ද මහා ස්වාමි පාදයන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ගමේ පුතුන් පිරිසක් විසින් කටුමැටි ගසා පොල් අතු සෙවිලි කර සාදවන ලද කුඩා ශාලාවක මුලින්ම මෙම විද්‍යාලය ආරම්භ කරන ලදී. ක්‍රි.ව.5 වන සියවසේ දඹදිව සිට මෙහි වැඩම කර, ථෙරවාදි බෞද්ධ පොත්පත් පාලි භාෂාවට පෙරළු ආචාර්ය බුද්ධඝෝෂ හිමිපාණන්ගෙන් මෙරට භාෂා කහිත්‍යයට සහ බුද්ධාගමට සිදුවූ අනල්ප සේවයට උපහාරයක් වශයෙන් මෙම පාසලට බුද්ධ ඝෝෂ යන නම තබන්ට ඇතැයි සිතිය හැකිය. එකල මෙම විද්‍යාලය පාලනය කල කොළඹ සීමාසහිත පරම විඥානාර්ථ බෞද්ධ සමාගමයි. එම සමාගම යටතේ මෙම පාසලට ඉඩමක් තෑගි කළ ඊ.ඩී. ද අල්විස්, ඊ. ජේ. ද අල්විස් යන මහත්වරු පළාත් කළමනාකරුවන් වශයෙන් සේවය කළහ.

1944 ජනවාරි මස 6 වනදා මෙම බෞද්ධ මිශ්‍ර විද්‍යාලයේ මුල්ගුරු වශයෙන් පී.රූබන් පීරිස් මහතා පත්විය. මෙතුමා භාරකාර මණ්ඩලයේ සහයෝගය ඇතිව සල්පිල් ආදිය පවත්වමින් යාබද ඉඩම් මිලයට ගනිමින් පාසලේ දියුණුව උදෙසා කරන ලද සේවය අගය කළ යුතුය. භාරකාර මණ්ඩලයේ ගරු සාමාජිකයකු වන සාමාදාන විනිශ්චය කාර ඩී. ජේසන්, ප්‍රනාන්දු මහතා විසින් තම ස්වකීය ධනයෙන් රු 75000 ක් වැයකොට පන්ති කාමර සහිත දෙමහල් ජේසන් ප්‍රනාන්දු ශාලාව ඉදිකරන ඇත.
1962 සමාගම් පාඨශාලා රජයට පවරා ගැනීමේදී මෙම විද්‍යාලයද රජයට පවරා ගැනිණි. 1964 ජුනි මස 1 වන දින බුද්ධඝෝෂ මහා විද්‍යාලය සහ ප්‍රාථමික පාසලක් වශයෙන් අංශ දෙකකට බෙදන ලදි. මේ අනුව වර්තමානයේ මෙම විද්‍යාලයේ 1-13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර, අ.පො.ස (උසස් පෙළ) කලා හා වානිජ විෂය ධාරාවන්ගෙන් පැවැත්වේ. එමෙන්ම පාසලේ වර්තමාන තත්වය නගා සිටුවීම සදහා ආදි ශිෂ්‍ය සංගමය, සම්පත් පුද්ගල දායකත්වය ඉහළ මට්ටමින් පවත්වා ගෙනයාමට පාසල සමත් වී ඇත. පාසල තුළ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය නගා සිටුවීම සදහා පුහුණු ගුරු මණ්ඩලයක් මෙම පාසලට පත්ව ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1940 දෙසැම්බර් 10 |
|
පාසලේ නම |
බුද්ධඝෝෂ මහා විද්‍යාලය |
|
මුල් ගුරුතුමාගේ නම |
පී.රූබන් පීරිස් මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1964 ජුනි මස 1 |






